Sunday, May 29, 2016

Micro SD card එකක් ගන්න පෙර මේගැනත් හිතන්න (How to choose a Micro SD card)


අපි පවිච්චි කරන දුරකතන, ටැබ්ලට් සඳහා කවුරුත් දන්නා පරිදි micro sd card භාවිතා කරනවා. ඒත් වෙලඳපලේ ඉතා අඩු මිලට මිලදීගත හැකි ගොඩක් මෙමෙරිපත් ටික කාලෙකින් ක්‍රියා විරහිත වෙනවා. මෙමෙ බාල මෙමරිපත් දැමීමෙන්,
1. ජංගම දුරකථනයේ වේගය අඩු වීම
2.අත්‍යාවශ්‍ය තොරතුරු මැකී යාම (උදාහරන ලෙස ජායාරූප damage වීම)
3.මෙමරිපත් ඉක්මනින් ක්‍රියාවිරහිත වීම
4.Format කිරීමට නොහැකි වීම

ආදී ගැටලු මතුවෙන්න පුලුවන්.

එසේනම් අපි කොහොමද හොඳ මෙමරිපතක් මිලට ගන්නේ. අපි හිතන්නේ ඉතා හොඳ මෙමරි පතක් ඉතා මිල අඪික ඇති කියලානම් ඒක වැරදි මතයක්. මොකද බාල මෙමරි පතකට වඩා රුපියල් 100 -500 අතර වෙනසක් තමයි තියෙන්නේ.


දැන් බලමු ලෝකයේ ඉහලම ගුනාත්වයෙන් යුතු මෙමරිපත් සන්නම් නාම මොනාද කියල

               Card Tested:                                                  Write MB/s Read MB/s Average
1 Samsung EVO MicroSDHC, Class 10 - Review 20.26        37.34            28.8
2 Sony MicroSDHC UHS:I U:1 40MB/s                16.68        67.96            42.32
3 Samsung Class 6 MicroSDHC                        11.67        19.08           15.375
4 Sandisk Ultra MicroSDHC UHS:I                        10.20        36.02            23.11

තවද, මෙමරි කාඩ්පත්වල ම්මිලගනන් එකකම ධාරිතාවයේදීත් වෙනස් වෙන්න හේතු මොනද බලමු. එකතමයි ඒ කාඩ්පත්වල දත්ත සම්ප්‍රේශනය වන වේගය. 
ඒක අපිට බලා ගන්න පුලුවන්ද?
ඔව්, ඒක ලෙහෙසියෙන් බලාගන්න පුලුවන්.

මෙමරි කාඩ්පත්වල පහත පරිදි දක්වා ඇති අංක වලිනේ වේගය බලාගත හැකියි



ClassMinimum performanceApplication
SDHC Speed Class 2.svg Class 2MiB/sSD video recording
SDHC Speed Class 4.svg Class 44 MiB/sHigh-definition video (HD) recording including Full HD (from 720p to 1080p/1080i)
SDHC Speed Class 6.svg Class 66 MiB/s
SDHC Speed Class 10.svg Class 1010 MiB/sFull HD (1080p) video recording and consecutive recording of HD stills (high-speed data bus)
UHS Class 1.png UHS Speed Class 1 (U1)10 MiB/sReal-time broadcasts and large HD video files (UHS bus)
UHS Class 3.png UHS Speed Class 3 (U3)30 MiB/s4K video files (UHS bus)


එහෙනම් ඉතින් ඔයාල ලඟ තියන SD card එක මොනවගේ එකක්ද කියල දැන් බලාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය Google වලින් හොයා ගමු. (Google search now helps you find your lost Android phone)




අපි සාමාන්‍යයෙන් මොකක් හරි ගැන හොයා ගන්න ඕන උනාම කරන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පිහිට පතන එකනේ. ඒත් ගූග්ල් එකෙන් අපෙ නැතිඋන දෙයක් හොයා ගන්න පුලුවන් වෙයි කියල කවදාවත් අපිට හිතුනද?

නොසිතූ දෙයක් උනත් ගූගල් එකෙන් අපිට අපේ වටිනාම උපකරණය වන ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය සොයා දෙන්න උදව් කරනවා.

මේක හරිම පහසු දෙයක්.
අපි සාමාන්‍යයෙනැන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් වැඩ කරන්න කලින් ගූගල් ගිනුමක ලිය පදිංචි වෙනව නේ ඉතින් ඒ හරහා තමයි මේ සෙවුම සිද්ද වෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි,

අපිට තියෙන්නේ ඕනෑම පරිගණයකකට ගිහින් , ගූගල් සෙවුම් යන්ත්‍රයේ "find my phone" කික්යලා සෙවුමක් යොද එක විතරයි.ඊට පස්සේ විද්යුත් ලිපිනයෙන් ලොග් වූ පසු, අපේ දුරකතනය

01. නාද කිරීමට
02. Lock කිරීමට මෙන්ම
03.දුරකතනයේ දත්ත මකා දැමීමටද පුලුවන්. 

අමතර මෘදුකාංග අනවශ්‍ය බැවින් 
01. දුරකතනයේ ඉඩ ඉතුරු වීම
02.දුරකතනය මන්දගාමී වීම ආදීගැටලු සිදු නොවේ.

මෙහිදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියනවා,එනම් "Android Device Manager" ඇප් එකට Admin පහසුකම ලබා දිය යුතුය.

ඒ සඳහා Settings > Security > Device Administers තුලට ගොස්  "Android Device Manager" එක ඉදිරියේ ඇති කො‍ටුව Click කර එය සක්‍රිය කිරීමයි.


ඔබ යවපු Friend Request(Facebook) වලින් Accept කරලා නැති අය බලාගන්නේ කොහමද?


Facebook වල ඔබ යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔබ දන්නේ නැත්ද? මෙය ඉතාමත් පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්. නමුත් Facebook අඩවිය මෙය Main Feature එකක් විදියට දීලා නැති නිසා තමන් යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න පුලුවන්ද කියලා දන්නේ නැති අයත් විශාල පිරිසක් ඉන්නවා.
පළමු පියවර : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එක click කර ඉන් පසු See All කියන වචනය click කරන්න.
දෙවන පියවර :එවිට අලුත් Page එකක් open වෙනවා. එම Page එකේ ඉහලින්ම “View Sent Requests” කියලා කුඩාවට. එය click කිරීම තුලින් ඔබ යවා ඇති, නමුත් මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා බලාගන්න පුළුවන්...