Sunday, May 29, 2016

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය Google වලින් හොයා ගමු. (Google search now helps you find your lost Android phone)




අපි සාමාන්‍යයෙන් මොකක් හරි ගැන හොයා ගන්න ඕන උනාම කරන්නේ Google සෙවුම් යන්ත්‍රයේ පිහිට පතන එකනේ. ඒත් ගූග්ල් එකෙන් අපෙ නැතිඋන දෙයක් හොයා ගන්න පුලුවන් වෙයි කියල කවදාවත් අපිට හිතුනද?

නොසිතූ දෙයක් උනත් ගූගල් එකෙන් අපිට අපේ වටිනාම උපකරණය වන ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය සොයා දෙන්න උදව් කරනවා.

මේක හරිම පහසු දෙයක්.
අපි සාමාන්‍යයෙනැන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් වැඩ කරන්න කලින් ගූගල් ගිනුමක ලිය පදිංචි වෙනව නේ ඉතින් ඒ හරහා තමයි මේ සෙවුම සිද්ද වෙන්නේ. ඒක කරන්නේ මෙහෙමයි,

අපිට තියෙන්නේ ඕනෑම පරිගණයකකට ගිහින් , ගූගල් සෙවුම් යන්ත්‍රයේ "find my phone" කික්යලා සෙවුමක් යොද එක විතරයි.ඊට පස්සේ විද්යුත් ලිපිනයෙන් ලොග් වූ පසු, අපේ දුරකතනය

01. නාද කිරීමට
02. Lock කිරීමට මෙන්ම
03.දුරකතනයේ දත්ත මකා දැමීමටද පුලුවන්. 

අමතර මෘදුකාංග අනවශ්‍ය බැවින් 
01. දුරකතනයේ ඉඩ ඉතුරු වීම
02.දුරකතනය මන්දගාමී වීම ආදීගැටලු සිදු නොවේ.

මෙහිදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියනවා,එනම් "Android Device Manager" ඇප් එකට Admin පහසුකම ලබා දිය යුතුය.

ඒ සඳහා Settings > Security > Device Administers තුලට ගොස්  "Android Device Manager" එක ඉදිරියේ ඇති කො‍ටුව Click කර එය සක්‍රිය කිරීමයි.


No comments:

Post a Comment